Trending Newsඑසැන පුවත්දේශීය

තෝරාගත් පාසල් රැසක් වසා දමනවා – අගමැති හරිනි අමරසූරිය

මෙරට සිසුන් ප්‍රමාණය අඩු පාසල් වසා දැමීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිනි, අග්‍රාමාත්‍ය හරිනි අමසූරිය මහත්මිය විසින් වැදගත් අදහස් මාලාවක් පළ කර ඇත.

ඇය පෙන්වා දෙන්නේ කුඩා පාසල් වසා දැමීම සම්බන්ධයෙන් ‘කළු සුදු තීරණයක්’ ගෙන නැති බවයි.

මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ක්‍රියා පටිපාටියක් අනුගමනය කළ යුතු බව ඇය අවධාරණය කරයි.

ඒ අනුව, මේ තත්ත්වය ක්‍රමානුකූලව විසඳා ගැනීම සඳහා ළමයින් පාසල්වලට ඇතුළත් කිරීමේ ක්‍රියා පටිපාටිය නිවැරදිව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

අධ්‍යාපන අමාත්‍යංශය විසින් 2025 වසරේ සිට මෙම ක්‍රියා පටිපාටිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට පටන් ගත් බවත්, ඒ අනුව කිසිවෙකුගේ හෝ ළමයින් ලිපි මාර්ගයෙන් ඇතුළත් කිරීම සිදු නොකළ බවත් ඇමතිනිය සඳහන් කළාය.

පාසල් සම්බන්ධ සැලැස්මක් සකස් කිරීමේදී, කලාපයේ ජනගහනයත් සහ සමාජාර්ථික තත්ත්වයනුත් පදනම් කරගත යුතු බව ඇය පෙන්වා දුන්නාය.

ඇය වැඩිදුරටත් කියා සිටියේ, කුඩා පාසල් සමහරක් තවදුරටත් පැවතිය හැකි වුවද, සමහර පාසල් ඒකාබද්ධ කිරීමට හැකියාව ඇති බවයි.

එබැවින්, සියලුම කුඩා පාසල් එකවර වසා දමන බවට වන මතය නිවැරදි නොවන බවත්, ඇතැම් පාසල් වසා දැමීමට සිදුවන බවත් ඇමතිනි හරිනි අමසූරිය මහත්මිය පැහැදිලි කර ඇත.

ඇය මෙම අදහස් පල කලේ අධ්‍්‍යාපන අමාත්‍යංශයේ පැවති සාකච්චාවකදීය

Related posts

தேசிய பாடசாலைகளுக்கான ஆசிரியர் இடமாற்றம் தொடர்பிலான சுற்றுநிரூபம்…

Mohamed Dilsad

Sri Lanka Wins Toss, Elected To Field First Against South Africa

Mohamed Dilsad

සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

Leave a Comment