Trending Newsඑසැන පුවත්දේශීය

කෙහෙල්බද්දර පද්මේගේ මවගෙන්, අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කරනු ලබන සංවිධානාත්මක අපරාධකරු කෙහෙල්බද්දර පද්මේගේ මව විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ සිය පුත්‍රයාට එරෙහිව නිකුත් කරන ලද රැඳවුම් නියෝගය නීතිවිරෝධී බව ප්‍රකාශ කරමිනි.

ඒ අනුව ඇය විසින් හබයාස් කෝපස් සහ රිට් අධිකරණ බලය මගින් නියෝගයක් ඉල්ලා මෙම රිට් පෙත්සම ගොනු කර තිබේ.

පෙත්සමේදී ඇය විසින් නඩුව අවසාන තීරණය ගන්නා තෙක් රැඳවියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත ඕනෑම ස්ථානයකට මාරු කිරීම වැළැක්වීම සඳහා අතුරු සහනයක් ඉල්ලා ඇත.

ඒ අනුව මෙම කාරණය විභාගයට ගත් විට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණයට සහතික වී ඇත්තේ නඩුවේ කරුණු පරීක්ෂා කර තහවුරු කරන තුරු රැඳවියා වෙනත් ස්ථානයකට මාරු නොකරන බවය.

රැඳවියා දෙපාර්තමේන්තු පරිශ්‍රයේ රඳවා සිටින අතරතුර අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන සියලුම පරීක්ෂණ කටයුතු පවත්වන බවත් නීතීඥවරයා අධිකරණය හමුවේ පැවසීය.

මෙම පෙත්සම චමීර හපුතන්ත්‍රී මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න, සෙනාල් මනතුංගන, නාලක සමරකෝන්, රජින්ද්‍ර කන්දෙගෙදර යන මහත්වරු පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටින අතර නඩුව එළැඹෙන 23 වැනිදා කැඳවීමටද නියමිතය.

Related posts

Norwegian State Secretary to visit Sri Lanka

Mohamed Dilsad

කුමන්ත්‍රණයේ හවුල්කරුවෙකු වෙන්න එපා! සජිත්, විජේදාසට කියයි

Mohamed Dilsad

கல்வி அமைச்சு குற்றப்புலனாய்வு திணைக்களத்தில் முறைப்பாடு

Mohamed Dilsad

Leave a Comment