Trending Newsඑසැන පුවත්දේශීය

දේශපාලන බලපෑම් නිසා ආයතනයක සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි…!

ජාතික විද්‍යා පදනමේ සභාපතිවරයා ලෙසත්, ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙසත් කටයුතු කළ මහාචාර්ය සමන් සේනවීර මහතා සිය තනතුරුවලින් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය විද්‍යා හා තාක්ෂණ ඇමැතිවරයාට පෙරේදා (15) යොමුකර ඇති බවද පැවසේ.

තමන්ට එල්ලවූ දේශපාලන බලපෑම් මත තවදුරටත් කටයුතු කරගෙන යෑමට නොහැකි නිසා සභාපති සහ අධ්‍යක්ෂ ධුරවලින් ඉවත් වූ බව මහාචාර්ය සමන් සේනවීර මහතා පවසා ඇති බවද වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වන මහාචාර්ය සමන් සේනවීර මහතා ඔස්ට්‍රේලියාවේ සේවයේ යෙදී සිටි අතර, මාලිමා ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඔහු ජාතික විද්‍යා පදනමේ සභාපති සහ ජාතික නැනෝ තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂවරයකු ලෙස පත් කළේය.

Related posts

මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

Mohamed Dilsad

1,000 dengue patients identified in 2017

Mohamed Dilsad

“No new liquor licences, no wine stores near schools” – Sajith

Mohamed Dilsad

Leave a Comment