Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ මාර්ග තදබදය ගැන ශක්‍යතා අධ්‍යයනයක්

කොළඹ ලෝටස් හරස් පිවිසුම් සහ අවට ප්‍රදේශවල මාර්ග තදබදය අවම කිරීම සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ලෝටස් වටරවුම ආශ්‍රිත ප්‍රදේශය විශේෂයෙන්ම කාර්යබහුල වේලාවන් හිදී අධික රථවාහන තදබදයක් ඇති වන ස්ථානයක් බවට පත්වී ඇත.

කොළඹ වරාය නගරය සහ වරාය පිවිසුම් ගුවන් මාර්ගය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක තත්ත්වයට පත් වීමත්, කොළඹ නගරය තුළ දැනට සිදු කෙරෙමින් පවතින ප්‍රධාන සංවර්ධන කටයුතු නිම කිරීමත් සමඟ මෙම ගැටලුව තවදුරටත් උග්‍ර විය හැකි බවට හඳුනාගෙන ඇත.

එම කරුණු සැලකිල්ලට ගනිමින්, වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ බෑවුම් සහ සමුද්‍රාසන්න මාර්ගයේ දීර්ඝ කිරීම් ද ඇතුළුව, යා කෙරෙන ප්‍රධාන කොරිඩෝ සමඟ සබඳතාව වැඩිදියුණු කිරීම සහ ලෝටස් වටරවුම ප්‍රදේශයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා තිරසර විසඳුම් සැකසීම පිණිස සවිස්තරාත්මක ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අනුමත ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින්, උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

எதிர்வரும் 21ஆம் திகதி சப்ரகமுவ பல்கலைக்கழகம் மீண்டும் திறப்பு

Mohamed Dilsad

President requests Estate Workers’ Trade Unions to halt the strike action and return to work

Mohamed Dilsad

සෞදි අරාබියේ ඉදිකිරීම් රැකියාවලට ශ්‍රී ලාංකිකයින්ට අවස්ථා රැසක්

Mohamed Dilsad

Leave a Comment