Trending Newsඑසැන පුවත්දේශීය

උදය ගම්මන්පිල ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අභියාචනාධිකරණයට කරුණු කියයි

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) අභියාචනාධිකරණයට දුන්නේය.

එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවත් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (12) අභියාචනාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර උදය ගම්මන්පිල මහතාව මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් තීරණයක් ගෙන නොමැති බවය.

විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බවත් අවසන් තීන්දුවක් ගැනෙන්නේ ඉන් පසුව බවත් ඔහු සඳහන් කර සිටියේය. එම පෙත්සම සලකා බැලීම ලබන 17 වනදා දක්වා කල්තැබුණි.

Related posts

කාලගුණයෙන් රතු නිවේදනයක්

Mohamed Dilsad

Sri Lanka make history with series win in South Africa

Mohamed Dilsad

හරිනිගේ සහ පෝල්රාජ්ගේ අදහස් දැක්වීම් ඉතා දුර්වල සහ වගකීම් විරහිතයි – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

Editor O

Leave a Comment