Trending Newsඑසැන පුවත්දේශීය

ලංවිම සේවකයෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරයි

ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කර තිබේ.

නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රියන්ත ප්‍රභාත් මහතා පැවසුවේ, මෙතෙක් රජයේ පාර්ශ්වයෙන් ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් පස්වරු 4.30 න් පසු අතිකාල සේවාවලින්ද ඉවත්වීමටද තීරණය කළ බවය.

ලංකා විදුලි බල මණ්ඩල වෘත්තීය සමිති ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 4 වැනි දිනටත් ක්‍රියාත්මක වෙයි.

ඔවුන් පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹුණේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේ ගැටලු විසඳීම ඇතුළු ඉල්ලීම් 24 ක් මුල් කර ගනිමිනි.

ලංකා විදුලිබල මණ්ඩලයේ නිදහස් සේවක සංගමය, පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමය, ඉංජිනේරු සංගමය ඇතුලු වෘත්තිය සමිති කිහිපයක් ඊට එක්ව සිටී.

පසුගිය අගෝස්තු මස 27 වැනිදා සිට ක්‍රියාත්මක විදුලිබල පනත අනුව විදුලි බල මණ්ඩලය සමාගම් 4 කට ප්‍රතිව්‍යූහගත කරනු ලැබුවේ ය.

එහි සේවකයින් අදාළ සමාගම් 04 ට අනුයුක්ත කිරීමට නියමිතයි.

තම කැමැත්ත අනුව එම සමාගම් වලට අනුයුක්ත වීම සඳහා වන ලිපි, පසුගියදා සේවකයින්ට නිකුත් කෙරිණ.

Related posts

අම්ෆන් කුණාටුවට හසුව ගසාගෙන ගිය ධීවර යාත්‍රාවලට ‘සමුදුර’ නෞකාවේ සහාය

Mohamed Dilsad

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මෙරට සංචාරයක

Mohamed Dilsad

தேசிய அடையாள அட்டை பெறுவதற்கு 100 ரூபா அறவிடப்படும்

Mohamed Dilsad

Leave a Comment