Trending Newsඑසැන පුවත්දේශීය

තුසිත හල්ලොලුව ට අධිකරණයෙන් දුන් නියෝගය

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ලබන 04 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා අද(28) නියෝග කර තිබේ.

ගමන් ගත් වාහනයට වෙඩි තබා එහි තිබී ලිපිගොනු පැහැර ගත් බවට අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තුසිත හල්ලොලුවට චෝදනා එල්ල වී තිබෙන අතර ඊට අදාළ විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාශය සහ විත්තියේ නීතිඥවරු අද අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි තුසිත හල්ලොලුව පසුගිය 19 දින කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව අද දින දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණි

Related posts

முச்சக்கர வண்டிகளிலும் கட்டண மீற்றரை பொருத்தும் நடவடிக்கை அமுலாகிறது

Mohamed Dilsad

අධ්‍යාපනයේ සිදුකිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් ගැන ජනපති පහදයි

Mohamed Dilsad

இன்று உலக வரலாற்றில் மறக்கமுடியாத ஒரு கறுப்பு தினம்

Mohamed Dilsad

Leave a Comment