Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණ නියෝග පිළිබඳ යූටියුබ් කරුවන්ගේ ප්‍රකාශ ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

අධිකරණ තීන්දු පිළිබඳ සමාජ මාධ්‍ය සහ යූටියුබ් නාලිකා ඔස්සේ ඇතැම් පුද්ගලයන් විසින් සිදු කරන ප්‍රකාශ සහ අනාවැකි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සිය කනස්සල්ල ප්‍රකාශ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ එවැනි ක්‍රියාවන් නීතියේ ආධිපත්‍යයට සහ අධිකරණ පද්ධතිය පිළිබඳ මහජන විශ්වාසයට හානි කරන බවයි.

එම ප්‍රකාශයන් අධිකරණ සේවා කොමිසමේ (JSC) සහ අධිකරණයේ විෂය පථය යටතේ ඇති ස්වාධීන ආයතන ඉලක්ක කර ඇති බවත්, අග්‍රවිනිශ්චයකාරවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් දෙදෙනකුගෙන් සමන්විත අධිකරණ සේවා කොමිසම, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සහ අනෙකුත් අධිකරණ නිලධාරීන්ගේ පත්වීම්, උසස්වීම්, ස්ථාන මාරු සහ විනය පාලනය අධීක්ෂණය කරන බවද එම නිවේදනයේ දැක්වෙයි.

ඒ අනුව අධිකරණයේ ස්වාධීනත්වය බාහිර බලපෑම්වලින් ආරක්ෂා කළ යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

එවැනි මැදිහත්වීම් සිදුකරන පුද්ගලයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111(C)(1) සහ (2) වගන්තිය යටතේ නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණදිය හැකි බව අතර එවැනි ක්‍රියාවලට අධිකරණයට ඇඟිලි ගැසීම් ලෙස සළකා දඬුවම් පැමිණවිය හැකි බව පෙන්වා දෙයි.

නඩු තීන්දුවලට බලපෑම් කිරීමට දරන මහජන ප්‍රකාශ සහ විවරණ, නීතියේ නිසි ක්‍රියාදාමයට තර්ජනයක් බවද, නීතියේ ආධිපත්‍යය, නීතියේ නිසි ක්‍රියාදාමය සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් හා නිදහස සැමවිටම ආරක්ෂා කරන ලෙසද නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගෙන් එම සංගමය ඉල්ලා සිටියි

Related posts

ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙක් අතර විවාදයක්

Editor O

“Never forced media during my tenure,” says Minister Karunathilaka

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් අතර විශේෂ හමුවක්

Editor O

Leave a Comment