Trending Newsඑසැන පුවත්දේශීය

නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ රක්ෂිත බන්ධනාගාරයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උදිත ලියනගේ සැප්තැම්බර් මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ

සැකකාර නියෝජ්‍ය පොලිස්පතිවරයාව අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී ඇත.

ශ්‍රාවස්තිපුර තිබිරිකඩවල ප්‍රදේශයේ නිධන් හැරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් උදිත ලියනගේ නැමැත්තාගේ බිරිඳ පිළිබඳ සිදුකෙරෙන විමර්ශන කටයුතුවලට අදාළ අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඒ මහතාව අත්අඩංගුවට ගෙන තිබිණ..

ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ දේවාලයක් ආසන්නයේ පිහිටි ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ බිරියක ඇතුළු 8 දෙනෙකු අනුරාධපුර පොලීසිය මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ ශ්‍රාවස්තිපුර, තිබිරිකඩවල ප්‍රදේශයේ රත්‍රං දේවාලය අසළ පිහිටි ඉඩමක පිරිසක් නිධන් හාරන බවට අනුරාධපුර පොලීසියට පසුගිය 13 වැනිදා ලැබී තිබූ තොරතුරක් අනුවය.

Related posts

කොරෝනා මර්දනයට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය

Mohamed Dilsad

Police fired at a van in Tangalle

Mohamed Dilsad

North Korea threatens new missile tests

Mohamed Dilsad

Leave a Comment