Trending Newsඑසැන පුවත්දේශීය

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ කෙටුම්පතට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සිය රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා ට යොමු කිරීමට නියමිත බව සඳහන්.

දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශනා තිබේ නම් ඒවා ලබන බ්‍රහස්පතින්දා දහවල් 12.00 පෙර ගොනුකරන ලෙසත් විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ට නියම කළේය. 

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකට යොමු කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

Related posts

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියෝග

Editor O

வட, தென் கொரியா-அமெரிக்கா ரகசிய பேச்சுவார்த்தை

Mohamed Dilsad

Premier instructs Law Enforcement Authorities to apprehend those vandalising street signs

Mohamed Dilsad

Leave a Comment