Trending Newsඑසැන පුවත්දේශීය

පොහොට්ටුවෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, පෞද්ගලික ඝාතනයක් සැලසුම් කිරීමට සම්බන්ධ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන අසත්‍ය වාර්තාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් පිරිසක් ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ සාමාජිකයකු කියා සිටියේ, යූටියුබ් නාලිකාවක් මගින් “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය ලබා ගැනීම සඳහා පාතාල සම්බන්ධතා භාවිත කරමින්, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් දැනට රිමාන්ඩ් භාරයේ සිටින පුද්ගලයෙකු ඝාතනය කිරීමට සැලසුම් කරන බවට” අසත්‍ය තොරතුරු පතුරුවා හරින බවයි.

එම ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද ඔහු පැවසීය.

මෙම යූටියුබ් නාලිකාව විදේශයක සිට ක්‍රියාත්මක වන බවත්, එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ එහි සාමාජිකයන්ට අපහාස කිරීමේ උත්සාහයක් බවත් පැමිණිල්ල ඉදිරිපත් කළ සාමාජිකයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ඉල්ලා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළ බවද ඔහු පැවසීය.

Related posts

Police curfew in Chilaw until 4.00 AM tomorrow [UPDATE]

Mohamed Dilsad

India should remove non-trade barriers on Sri Lankan products

Mohamed Dilsad

warning issued on fever medication – [IMAGES]

Mohamed Dilsad

Leave a Comment