Trending Newsඑසැන පුවත්දේශීය

අරුණ ජයසේකර ට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන කතානායකගේ තීරණය අද

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර ට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ තමාගේ තීරණය ඉදිරියේ දී දැනුම්දෙන බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු කටයුතු අද (19) ආරම්භ වූ අතර, එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු 31ක් දෙනෙකුගේ අත්සනින් යුතුව අගෝස්තු 12 වන දින විශ්වාසභාංග යෝජනාව තමා වෙත භාරදුන් බව ද කථානායකවරයා මෙහිදී කියා සිටියේය.

ඒ අනුව අදාළ විශ්වාසභංග යෝජනාවේ ඇතුළත් කරුණු අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේ දී සභාවට දැනුම්දෙන බව ද කථානායකවරයා මෙහිදී දැනුම් දුන්නේය

Related posts

அகில தனஞ்சயவின் கிரிக்கெட் வாழ்க்கை நிறைவடையுமா?

Mohamed Dilsad

Winds and rain expected today

Mohamed Dilsad

Two nabbed over Facebook scam

Mohamed Dilsad

Leave a Comment