Trending Newsඑසැන පුවත්දේශීය

නියෝජ්‍ය ඇමති නාමල් සහ, මන්ත්‍රී ටීබී සරත් ⁣ගුටි නොකා නූලෙන් බේරෙයි.

කවුඩුල්ල ගොවි සමිතිය ඇතුළු ගොවි සංගම් නියෝජිතයන් සමඟ කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණරත්න සහ නියෝජ්‍ය ඇමති ටීබී සරත් ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක උණුසුම් තත්ත්වයක් ඇතිව තිබේ.

ගොවි නියෝජිතයන් තම ගැටළු ඉදිරිපත් කිරීමේදී නියෝජ්‍ය අමාත්‍යවරුන් සමඟ සාකච්ජා මුලසුනේ සිටි අයෙකු එකී නියෝජිතයන්ට පරුෂ වචනයෙන් බැන වැදීම නිසා උණුසුම් තත්ත්වය ඇතිවී තිබේ.

මෙහිදි ගොවි නියෝජිතයන් චෝදනා කළේ, මහාපරිමාණ සහල් මෝල් මාෆියාවට එරෙහිව විපක්ෂයේ සිටියදී තමන් සමඟ එකට සටන් කළ නියෝජ්‍ය අමාත්‍යවරුන් දැන් බලය ලැබීමෙන් පසු ඒ වෙනුවෙන් ගනුලැබූ ක්‍රියාමාර්ග එකක් හෝ පවසන ලෙසයි.

එසේම  කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ශක්තිමත් කිරීමට පොරොන්දු වූවද ඒ වෙනුවෙන් ගනුලැබූ එක් ක්‍රියාමාර්ගයක් හෝ පවසන ලෙස ගොවි නියෝජිතයන් ඉල්ලා සිටියද නියෝජ්‍ය අමාත්‍යවරුන් ඊට නිසි පිළිතුරක් දී නැත.

වී සඳහා මිලක් නියම කර ඇතැත් එම වී තොග ගෙනගිය විට විවිධ හේතු දක්වා ආපසු හරවා එවන බවටද ගොවි නියෝජිතයන් මෙහිදි චෝදනා කළේය .

එබැවින් වී කිලෝව රුපියල් 85 වැනි ඉතා පහළ මිල ගණන් වලට මිලදී ගෙන යන බවටද ඔවූහු චෝදනා කළහ.

කෙසේවෙතත් මෙහිදි ගොවි නියෝජිතයන් පෙරටුගාමීන් බව ඇතුළු විවිධ චෝදනා නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙපොළ වෙතින් ද එල්ලවීම හමුවේ අදාළ සාකච්ජාව එකම ගාලගෝට්ටියක් බවට පත්ව තිබේ.

මෙහිදි ගොවීන් චෝදනා කර සිටියේ එක ගමේ එකට සිට ඇමති වූ පසුව කටයුතු කරන ආකාරය හරි අපූරුයි කියමිනි. මෙහිදී ඇතැම් ගොවීන් ආවේගශීලි ලෙඩ සිය විරෝධය හා කනස්සල්ල දැක්වුණු බවද වාර්තා වෙයි.

Related posts

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සකස් කිරීමට විශේෂ දිනයක් හෙට

Mohamed Dilsad

ප්‍රසිද්ධියේ සමාව ගන්න සේපාල් සුදානම්

Mohamed Dilsad

New Zealand volcano: At least five dead after White Island eruption

Mohamed Dilsad

Leave a Comment