Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති පියසේන ගමගේගෙන් පැය පහක් ප්‍රශ්න කරයි

ආදායමට වඩා වත්කම් ඉපයීමක් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍යවරයකු වන පියසේන ගමගේ මහතාගෙන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ඊයේ (13) ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පැය 05ක පමණ කාලයක් පුරාවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් , පියසේන ගමගේට ඇති ආදායම් සහ වත්කම් සම්බන්ධයෙන් වූ වාර්තා ද ලබාගෙන තිබේ. .

ඔහුට අයත්ව ඇතැයි පැවසෙන ඉන්ධන පිරවුම්හලක් සහ ඉඩම් ඇතුළු දේපොළ කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන සිදුවේ. .

එම දේපොළ ඔහු නමින් නොමැති වූවත් එහි සැබෑ හිමිකරු පියසේන ගමගේ බවට ලැබී ඇති පැමිණිල්ලක් මුල්කරගෙන මෙම විමර්ශනය සිදු කරන බව සඳහන්.

Related posts

சிவனுக்குரிய மகா சிவராத்திரி விரதம் இன்று அனுஷ்டிப்பு

Mohamed Dilsad

පාසල්වලට 2028 වසරේදී හඳුන්වාදෙන විභාගය

Editor O

සා.පෙළ සහ උ.පෙළ උපකාරක පන්ති සඳහා අවසර

Mohamed Dilsad

Leave a Comment