Trending Newsඑසැන පුවත්දේශීය

“ජාත්‍යන්තර අලි ඇතුන්ගේ  දිනය” අද

“ජාත්‍යන්තර අලි ඇතුන්ගේ  දිනය” අද (12) ට යෙදී තිබේ. මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ, අප්‍රිකානු, ආසියානු වනඅලි සහ හීලෑ අලිඇතුන් රැකබලා ගැනීම, අලි ඇතුන් දඩයම් කිරීම, විකිණීම, අලි වාසස්ථාන ආරක්ෂා කිරීම සහ ගෘහාශ්‍රිත අලිඇතුන්ට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය කටයුතු සලසා දීමයි.

ලෝකයේ රටවල් 100කට අධික සංඛ්‍යාවක් ජාත්‍යන්තර අලි ඇතුන්ගේ  දිනය සමරති. ශ්‍රී ලංකාවෙේ අලි- මිනිස් ගැටුම හේතුවෙන් අලි-ඇතුන් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති අයුරු පසුගිය කාලයෙහි දක්නට ලැබිණ.

2015-2019 කාලයේ දී අලි මරණ 1466ක් ද 2020-2024 කාලයේදී අලි මරණ 2018ක් සිදුව ඇති බව පසුගියදා අනාවරණය විය.ආසන්න වශයෙන් 2020-2024 කාලයෙහි වෙඩි වැදීමෙන් පමණක් අලි-ඇතුන් 300ට වැඩි ප්‍රමාණයක් මියගොස් ඇත.

මෙම වසරේ  ජනවාරි සිට වර්තමානය දක්වා ගත වූ කාලයෙහි අලි-ඇතුන් 240ට වැඩි ප්‍රමාණයක් මියගොස් ඇති බව වාර්තාවේ.විවිධ මිනිස් ක්‍රියාකාරම් හේතුවෙන්  අලි- ඇතුන් ගම් වදින අතර, ඒ හේතුවෙන් ගම්මාන රැසක ජනතාව දැඩි අපහසුතාවකට පත්ව තිබේ.

අතර, වන අලි – ඇතුන් තුවාල ලැබුවහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවයිනටම පශු වෛද්‍යවරුන් 12ක් පමණක් සිටීම ඔවුන්ගේ ජීවිත අනතුරේ වැටීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.

Related posts

Jorge Lorenzo wins Italian Grand Prix

Mohamed Dilsad

கல்வி அமைச்சர் ஜனாதிபதி ஆணைக்குழுவில் முன்னிலை

Mohamed Dilsad

Party Leaders decides not to use electronic voting system

Mohamed Dilsad

Leave a Comment