Trending Newsඑසැන පුවත්දේශීය

සබරගමු පළාතේ සංස්කෘතික සහ පුර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් රු. මිලියන 1125 ක් – සබරගමුව ආණ්ඩුකාර චම්පා ජානකී

සබරගමු පළාත් අධ්‍යාපන සංස්කෘතික සහ පුර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් මිලියන 1125 ක මුදලක් සබරගමු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයට වෙන්කර අවසන් බව සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය පැවසුවාය.

2025 වර්ෂයට අදාලව අධ්‍යාපන සංස්කෘතික පුර්ව ළමා විය සංවර්ධන යටතේ පළාත් නිෂ්චිත කාර්ය සංවර්ධන ප්‍රදාන ලෙස රුපියල් මිලියන 1125 ක මුදලක් වෙන් කර ඇති බවත් උපමාණ පාදක අරමුදල යටතේ රුපියල් මිලියන 95.80ක මුදුලක් වෙන් කර ඇති බවත් ආණ්ඩුකාරවරිය සඳහන් කළාය.

එසේම පාසල් නඩත්තු වියදම් ලෙස රුපියල් මිලියන 880 ක මුදලක් වෙන් කර ඇති බවත් මෙම මුදල් ප්‍රතිපාදන යට⁣තේ සියළු වැඩ මේ වන විට ආරම්භ කර ඇති බවත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න පැවසුවාය.

එස්.ග්‍රිදරරාව්

Related posts

வட மாகாண கல்வித்துறையில் குறைகேள் விசாரணைக் குழு

Mohamed Dilsad

பசில் ராஜபக்ஷவிற்கு வெளிநாடு செல்ல அனுமதி

Mohamed Dilsad

ஜனாதிபதி தலைமையில் தேசிய நிலையான அபிவிருத்தி பற்றிய கருத்தாடல் இன்று கொழும்பில்

Mohamed Dilsad

Leave a Comment