Trending Newsඑසැන පුවත්දේශීය

අධිවේගී මාර්ගයේ බස් ඇතුළු සියලු වාහනවල මගීන්ටත් ආසන පටි හෙට (01) සිට අනිවාර්යයි

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද හෙට (01) සිට ආසන පටි පැළඳීම අනිවාර්ය බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

මීට අමතරව අධිවේගී මාර්ගයේ ධාවනය වන සියලුම බස්රථ රියදුරන් මෙන්ම ගමන් ගන්නා සියලුම වාහනවල මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇත..

මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම නව නීතිය ක්‍රියාත්මක වන අතර, එය දක්ෂිණ, කොළඹ-කටුනායක, සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළු දිවයිනේ සියලුම අධිවේගී මාර්ග සඳහා බලපැවැත්වෙනු ඇති.

මෙම නියමයට අනුකූල නොවන රියදුරන්ට සහ මගීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, ඒ සම්බන්ධයෙන් පොලිසියට සහ අධිවේගී මාර්ග බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවද, ප්‍රවාහන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

8 மாத குழந்தையுடன் தற்கொலை செய்த தந்தை

Mohamed Dilsad

Mark Ruffalo set for Haynes’ DuPont drama

Mohamed Dilsad

தபால்மூல வாக்காளர் அட்டைகள்

Mohamed Dilsad

Leave a Comment