Trending Newsඑසැන පුවත්දේශීය

වන අලි ආරක්ෂා කිරීමට විපක්ෂ නායක සජිත්ගෙන් වැඩපිළිවෙළක්

විධිමත්, විද්‍යාත්මක හා නිවැරදි වනඅලි සංගණනයක් කඩිනමින් පැවැත්වී⁣ෙ ම්වි වැදගත්පකම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

අලි මිනිස් ගැටුම අවම කිරීමට 2010 වසරේදී නිර්මාණය කළ ජාතික සැලසුම ද වහා ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා රජයට දස වැදෑරුම් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මෙසේද ප්‍රකාශ කළේය.

“පළවෙනිම කා‍රණාව වන්නේ මේ තත්වයට විධිමත්, විද්‍යාත්මක, නිවැරදි වන අලි සංගණනයක් පැවැත්විය යුතුයි.

දෙවෙනි පියවර හැටියට 2020 වන අලි මිනිස් ගැටුම අවම කරන්න නිර්මාණය කරපු ජාතික සැලැස්ම වහාම ක්‍රියාත්මක කළ යුතුයි. තුන්වෙනුව මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න විශේෂ කාර්‍ය සාධක බලකායක් අවශ්‍යයි, විවිධ අමාත්‍යංශ, විවිධ ආයතන සියල්ලක්ම සම්බන්ධීකරණය කරමින් 2020 ක්‍රියාකාරී සැලැස්ම ඉදිරියට ගෙනියන්න.

හතරවෙනුව, ඇතුන් සං‍රක්ෂණය කරන ආරක්ෂා කරන විශේෂ බලකායක් නිර්මාණය කළ යුතුයි. Tusker protection task force එකක්, මේක ඇත්තටම වසර ගණනාවකට පෙර world wild life fund එකේ asian elephant’s specialist group එකට ආපු යෝජනාවක්. මේක වහාම ක්‍රියාත්මක කළ යුතුයි.

ඒ වගේම දත්ත කේන්ද්‍රීයව අපි ක්‍රියාත්මක වෙන්නට ඕනේ. දළ වශයෙන් ගත්තොත් අපේ රටේ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,610ක්. ඒ භූමිය තුළ මෑතකදී පැවැත්වුණු අලි සංගණනය හරහා අලින් 5879ක් ඉන්නවා කියලා කියන එක කරුණු කාරණා අපිට ලැබිලා තියෙනව. පරිපාලන දිස්ත්‍රක්ක 25 අතුරින් 19ක් වනඅලි මිනිස් ගැටුම නිසා ගැටළු ඇති වෙලා තියෙනවා. ඉතින් මේ දත්ත හඳුනාගෙන ප්‍රයෝගිකව කාර්‍යක්ෂමව සාර්ථක වැඩසටහනක් නිර්මාණය කළ යුතුයි..

ඒ වගේම වනඅලි මිනිස් ගැටුම නිසා දේපළ හානි, ජිවිත හානි, වගා හානි විශාල වශයෙන් සිදුවෙනවා. ඒවට නිසි රක්ෂණ ක්‍රමවේදයක්, වන්දි ක්‍රමයක අපේ රටේ නෑ. ඒ වෙනුවෙන් විශේෂිත වු රක්ෂණ වන්දි ක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න ඕනේ…

ඒ වගේම හත්වෙනි පියවර හැටියට අපි මීට වසර කීපයකට පෙර යෝජනා කරපු ජාතික වැඩසටහන් කිහිපයක් Project Elephant, Project Leopard, Project Whale ක්‍රියාත්මක කළ යුතුයි.

දුම්රිය මාර්ගවල සිදුවන අනතුර තුළ ඒ වන අලි ඒ අකරතැබ්බයට මුහුණ දීම වළක්වාලන්න විශේෂිත වූ තාක්ෂණික ක්‍රම්වේද තියෙනවා. එවන් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ජාත්‍යන්තර ආධාර අපිට ඉතාමත් ඉක්මනින් ලබාගන්න පුලුවන්. ව්ව් වගේම වන්අලින් රෝගාතුර වුණාම, ගිලන් වුණාම සත්කාරක සපයන්න පුලුවන් ජංගම සෞක්‍ය රොහල් වැඩසටහනක් ලෝකයේ සමහර රටවල තිබෙනවා. අම්බානි මැතිතුමා මේ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා ඉන්දියාවේ. ඒ හා සමාන වැඩසටහනක් අපේ රටේ බදු ගෙවන්නන්ගෙ ්ස්ල්ලි වලින් නෙවෙයි ජාත්‍යන්තර ආධාර උපයෝගී කරගෙන කරන්න ඒ වැඩසටහන කරන්න පුළුවන්.

Related posts

යුගදනවි පෙත්සම් සළකා බැලීම කල් යයි

Mohamed Dilsad

பேருந்து கட்டண சீர்திருத்தம் தொடர்பில் கலந்துரையாடல் இன்று(05)

Mohamed Dilsad

Info Tech sector exempt from taxes – Bandula

Mohamed Dilsad

Leave a Comment