Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වී මෙට්‍රික් ටොන් 5,222 ක්, රජයෙන් මිලට ගනී. වේල් දෙකකට ප්‍රමාණවත්

රජයේ සහතික මිල යටතේ වී මෙට්‍රික් ටොන් 5,222 ක්, ජූලි මස 29 වන දින වන විට මිලදී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා සඳහන් කරයි.

වර්තමානයේ වී අස්වනු නෙළන ප්‍රදේශවල වී ගබඩා 100 කට අධික සංඛ්‍යාවක් දැනටමත් ක්‍රියාත්මක වේ.

ඉදිරි සතියේදී තවත් ප්‍රදේශ කිහිපයක වී අස්වනු වෙළඳපොළට පැමිණීමට නියමිත බැවින්, එම ප්‍රදේශවලද නව ගබඩා විවෘත කිරීමට කටයුතු යොදනු ඇත.

වී මිලදී ගැනීම් සඳහා රජය විසින් රුපියල් මිලියන 6000 ක මූලික ප්‍රතිපාදනයක් වෙන් කර ඇත.

මෙම මුදල ප්‍රමාණවත් නොවන්නේ නම්, අවශ්‍ය අතිරේක අරමුදල් ලබාගෙන වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දෛනික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6,500 ත් 6,600 ත් අතර වේ. අවම දෛනික සහල් පරිභෝජනය සඳහා වී මෙට්‍රික් ටොන් 9,750 ත් 10,000 ත් අතර ප්‍රමාණයක් අවශ්‍යය.

Related posts

அம்பலந்தொட மற்றும் தங்கல்ல டிபோ ஊழியர்கள் பணிபுறக்கணிப்பில்

Mohamed Dilsad

டெஸ்ட் சாம்பியன்ஷிப் தொடருக்காக இலங்கை வீரர்கள் பாகிஸ்தானுக்கு

Mohamed Dilsad

களுத்துறை மாவட்டத்தின் பல பகுதிகளில் நீர் விநியோகம் தடை

Mohamed Dilsad

Leave a Comment