Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

වී මෙට්‍රික් ටොන් 5,222 ක්, රජයෙන් මිලට ගනී. වේල් දෙකකට ප්‍රමාණවත්

රජයේ සහතික මිල යටතේ වී මෙට්‍රික් ටොන් 5,222 ක්, ජූලි මස 29 වන දින වන විට මිලදී ගෙන ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්නලන්ද මහතා සඳහන් කරයි.

වර්තමානයේ වී අස්වනු නෙළන ප්‍රදේශවල වී ගබඩා 100 කට අධික සංඛ්‍යාවක් දැනටමත් ක්‍රියාත්මක වේ.

ඉදිරි සතියේදී තවත් ප්‍රදේශ කිහිපයක වී අස්වනු වෙළඳපොළට පැමිණීමට නියමිත බැවින්, එම ප්‍රදේශවලද නව ගබඩා විවෘත කිරීමට කටයුතු යොදනු ඇත.

වී මිලදී ගැනීම් සඳහා රජය විසින් රුපියල් මිලියන 6000 ක මූලික ප්‍රතිපාදනයක් වෙන් කර ඇත.

මෙම මුදල ප්‍රමාණවත් නොවන්නේ නම්, අවශ්‍ය අතිරේක අරමුදල් ලබාගෙන වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කිරීමට පියවර ගන්නා බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ දෛනික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6,500 ත් 6,600 ත් අතර වේ. අවම දෛනික සහල් පරිභෝජනය සඳහා වී මෙට්‍රික් ටොන් 9,750 ත් 10,000 ත් අතර ප්‍රමාණයක් අවශ්‍යය.

Related posts

Argentina’s search for missing sub hampered by bad weather

Mohamed Dilsad

கட்டிப் பிடிக்க கற்றுக்கொடுத்த ராய் லட்சுமி

Mohamed Dilsad

Google: 50 US states and territories launch competition probe

Mohamed Dilsad

Leave a Comment