Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට අක්කර 13ක රජයේ ඉඩමක්….?

මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් අක්කර දහතුනක් ගැනීමේ සිද්ධියක තොරතුරු අනාවරණය වී තිබේ. රූපවාහිනී නාලිකාවක පැවති විවාදයකදී එම තොරතුරු අනාවරණය වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රුවන් මාපලගම, නිශාන්ත සමරවීර හා සමගි ජන බලවේගය නියෝජනය කරමින් මහේෂ් සේනානායක මෙම සංවාදයට එක්ව සිටියහ.

මෙහිදී ආණ්ඩුවේ මන්ත්‍රිවරුන් දෙදෙනා සමගි ජන බලවේග මන්ත්‍රි චමින්ද්‍රානි කිරිඇල්ල හන්තාන ප්‍රදේශයෙන් ඉඩම් අත්පත් කරගත්තා යැයි කියන සිද්ධියක් දිගට හරහට විවේචනය කළහ.

එහිදී මහේෂ් කීවේ ආණ්ඩුවේ මන්ත්‍රිවරයෙක්ද දෙල්තොට ප්‍රදේශයෙන් අක්කර දහතුනක ඉඩමක් එල්.ආර්.සී. එකෙන් ගෙන ඇති බවය.

කවුද ඒ මන්ත්‍රිවරයා යැයි ආණ්ඩුවේ මන්ත්‍රිවරු විමසන විට මහේෂ් කීවේ ජගත් මණුවර්ණගෙන් අහන්න. එතකොට දැනගන්න පුළුවන් බවයි.

Related posts

උපවාස කර මියගියත් ආණ්ඩුව වගකීම ගන්නේ නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනආරච්චි

Editor O

President attends several Buddhist religious programmes in Cambodia

Mohamed Dilsad

“Spreading hate speech via social media is dangerous,” Premier addresses Maldives Parliament [VIDEO]

Mohamed Dilsad

Leave a Comment