Trending News

ඇතෙක් සමග ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගිහින් ඇතිවූ ගැටුමකින් අලියෙක් මිය යයි.

ඇතෙකු සමග දරුණු සටනක නිරතවී බරපතළ තුවාල ලැබූ වනඅලියෙකු මැදිරිගිරිය කවුඩුල්ල ජලාශයේ වැලිතුඩ ප්‍රදේශයේදී මියගොස් ඇත.

ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය සමීර කලිගුආරච්චි මහතා විසින් වනඅලියා සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (26) පැවැත්වින..

වනඅලියා මියයෑමට හේතුව පසුගිය දිනවල ඇතෙකු සමග සිදූවී ඇති ගැටුමකින් ඇතිවූ බරපතළ තුවාල නිසා අලියා මියගොස් ඇති බවට මරණ පරීක්ෂණයේදී තහවුරුවී තිබේ. .

මෙලෙස මියගොස් ඇති වනඅලියා වයස අවුරුදු 40ක් පමණ වන උස අඩි 9ක් පමණ වන සත්වයෙක්ය.

වනඅලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා පසුගිය දින කිහිපයේම ප්‍රතිකාර සිදුකර තිබුණි.

Related posts

பொலிஸ் உயரதிகாரிகள் நால்வர் தெரிவுக்குழுவில் முன்னிலை

Mohamed Dilsad

ஏழாவது நாளாகவும் தொடரும் பணிப்புறக்கணிப்பு போராட்டம்

Mohamed Dilsad

மதுபான விடுதியில் துப்பாக்கிச்சூடு-ஐவர் பலி

Mohamed Dilsad

Leave a Comment