Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු අමාත්‍යවරයෙක් අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍ය පී. දයාරත්න මහතා අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබේ.

දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පී. දයාරත්න මහතා මියයන විට 89වන වියේ පසුවිය.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් 1977 දී දේශපාලනයට පිවිසි දයාරත්න මහතා, එම දිස්ත්‍රික්ය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් ඉටුකළ දේශපාලඥයෙකු ලෙස සැලකෙයි.

ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස. ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් යටතේ ඒ මහතා විවිධ අමාත්‍ය ධුර හොබවා ඇත.

Related posts

Ads placed for Indian Cricket Coach

Mohamed Dilsad

Gleb and Vadim Alekseenko banned from tennis for life for match fixing

Mohamed Dilsad

කොරෝනා සම්බන්ධයෙන් සාර්ක් නායකයින් සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment