Trending Newsඑසැන පුවත්දේශීය

කොරියාවේ කෘෂිකර්මාන්තයට ශ්‍රී ලංකාවෙන් සේවකයන් යැවීමට නියමු ව්‍යාපෘතියක්

කොරියානු ජනරජයේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඍතුමය සේවක වැඩසටහන යටතේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 

කොරියානු ජනරජයේ ඊ-8 වීසා කාණ්ඩය (සෘතුමය සේවකයින්) යටතේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යෙදවීම පහසු කිරීම සඳහා පහසු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා උනන්දුවක් දක්වන කොරියානු පළාත් පාලන ආයතන සමඟ සාකච්ඡා පැවැත්වීමටත් පසුගිය පෙබරවාරි මස 19 වැනි දින ජුනි මස 01 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, කොරියාවේ බෝසෝං පළාත් පාලන ආයතනය සමඟ පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවෙන් ඍතුමය සේවකයින් බඳවා ගැනීමට සහ ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීමට එකඟතාව පළ කර තිබේ. 

යෝජිත අවබෝධතා ගිවිසුම මඟින්, ශ්‍රී ලාංකිකයින්ට සෘතුමය ශ්‍රමික වැඩසටහන යටතේ කෙටි කාලයක් (උපරිම මාස 8ක් දක්වා) බෝසෝං පළාතේ කෘෂිකාර්මික ගම්මානවල සේවය කර ආදායමක් උපයා ගැනීමට සහ මෙරටට විදේශ විනිමය උපයා දීමට අවස්ථාව සැලසෙනු ඇත. 

ඒ අනුව, යෝජිත අවබෝධතා ගිවිසුම බෝසෝං පළාත් පාලන ආයතනය සමඟ අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබේ. 

Related posts

வாத்துவை விருந்துபசாரத்தில் தொடரும் மர்மங்கள்

Mohamed Dilsad

கடும் வெப்பம் காரணமாக ஆயிரத்திற்கும் மேற்பட்டோர் உயிரிழப்பு

Mohamed Dilsad

සංශෝධිත 22 විවාදයට ගැනීම කල්යයි

Mohamed Dilsad

Leave a Comment