Trending Newsඑසැන පුවත්දේශීය

සීතාවකපුර නගර සභා බලය සමගි ජන බලවේගයට

සීතාවකපුර නගර සභාවේ මංගල සැසිවාරයේදී , පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් විපක්ෂයට ලැබුණු බලය තහවුරු කිරීමට සමගි ජන බලවේගය සමත්ව තිබේ. ඒ අනුව නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පැවැති රහස් ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ සුනිල් ජයරත්න මහතා ඒ සඳහා තේරී පත්ව ඇති බව වාර්තා වේ. තවද, උප නගරාධිපති ධුරයද ස්වාධීන කණ්ඩායමෙන් ඉදිරිපත් වූ අජිත් විජයමුණි සොයියා මහතාට හිමි වූ බව පැවසේ.

මේ අතර,  බේරුවල නගර සභාවේ නගරාධිපති හා උප නගරාධිපති පත්කිරීමේදී ජාතික ජන බලවේගයට සහාය දුන් බේරුවල නගර සභාවේ සමගි ජන බලවේගයේ සාමාජිකයින් හය දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.

පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් එය ලිඛිතව දැනුම් දී තිබෙන අතර බේරුවල ආසන සංවිධායක ලෙස කටයුතු කරන මොහොමඩ් ජෙමිල් මරික්කාර් මොහොමඩ් ඉෆ්තිකාර් මහතාගෙන් නිදහසට කරුණු විමසීමටද තීරණය කර ඇත.

සමඟි ජන බලවේගයේ පක්ෂ කළමනාකරණ කමිටුව සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් උක්ත තීරණ ගෙන තිබේ.

Related posts

Trailer of Kesha’s new album ‘High Road’ out!

Mohamed Dilsad

அரச வைத்திய அதிகாரிகள் சங்கத்தின் போராட்டம் பிற்போடப்பட்டமைக்கான காரணம்

Mohamed Dilsad

President’s Former Chief of Staff & Ex-STC Chairman Further Remanded

Mohamed Dilsad

Leave a Comment