සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු තෝරාපත්කර ගැනීමට අද (15) දිනයේදීද නොහැකි වී තිබේ. සීතාවක ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ නමුත් එහිදී සභාපතිවරයා තෝරා ගැනීමේ රහස් ඡන්දයට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් ඇත.
ඒ අනුව සභාවේ ඝන පූර්ණය නොමැති වීම හේතුවෙන් සභාව දින නියමයක් නොමැතිව කල් දැමීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කර තිබේ.
මින් පෙරද ප්‍රාදේශීය සභාව සඳහා නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා කොමසාරිස්වරිය සතු බලතල අනුව ඇය විසින් සභාපතිවරයා තෝරා ගැනීම රහස් ඡන්දයකින් සිදු කිරීමටත් තීරණය කිරීමත් සමඟ ඊට විරෝධය පළකරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභාවෙන් පිටව ගොස් තිබුණි.
