Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පොල් තෙල් අළෙවියට සීමාවක්…?

වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් (ලූස් පොල්තෙල්) අලෙවිය නතර කිරීමට පොල් සංවර්ධන අධිකාරිය සැලැසුම් සකස් කර ඇතැයි වාර්තා වේ.

අලෙවිය තහනම් කරමින් කඩිනමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන බව අධිකාරියේ සභාපති ශාන්ත රණවක මහතා කියා සිටී. වසරක පමණ කාලයක් තුළදී මෙම තීරණය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කරයි.

මෙම තීරණයට අනුගත වීම සඳහා නිෂ්පාදකයන් වෙත මාස අටක පමණ සහන කාලයක් ලබාදෙන බවද සභාපතිවරයා කියා සිටී. කලවම් පොල්තෙල් අලෙවි කිරීම වැළක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

මේ වනවිට පිරිපහදු නොකළ තෙල් ආනයනය කිරීමේදී පනවන බද්දට අමතරව එය රට තුළ පිරිපහදු කිරීමෙන් පසු එයින් එකතුකළ අගය මත බදු මුදලක් අයකරගනු ලබයි. පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කරනු ලබන සමාගම් පහළොවක් පමණ පවතින අතර ඒ අතුරින් කර්මාන්තශාලා නවයක් පිරිපහදු කිරීම් සිදුකරයි.

කෙසේවුවද, අදාළ කර්මාන්තශාලා නවය අතුරින් මේ වන විට ක්‍රියාත්මක වන්නේ කර්මාන්තශාලා දෙකක් පමණක් බවද පැවසේ. බහුතරය වැසී ගොස් ඇත්තේ පවතින බදුවල ඉහල තාවය නිසා බවද වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සභාපතිවරයා පැවැසූයේ පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය සම්බන්ධයෙන් මේ වනවිට කර්මාන්ත අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා සිදුකරමින් ඇති බවයි.

Related posts

අල්ලස් ගත් ලොක්කෝ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

President to appoint committee on SAITM

Mohamed Dilsad

Dutch journalists kidnapped in Colombia

Mohamed Dilsad

Leave a Comment