Trending Newsඑසැන පුවත්දේශීය

ඊලෝන් මස්ක් ගෙන් රනිල්ට ක්ෂණික ප්‍රතිචාර

ශ්‍රී ලංකාව තුළ ස්ටාර්ලින්ක් අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ආරම්භ කිරීමට අනුමැතිය හිමිවීමත් සමඟ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒ සම්බන්ධයෙන් තැබූ X සටහනක් Repost කරමින් ස්ටාර්ලින්ක් හි නිර්මාතෘ සහ SpaceX සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලෝන් මස්ක් සෘජු ප්‍රතිචාරයක් ලබාදී ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම X සටහන ඔස්සේ ශ්‍රී ලංකාවට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල ප්‍රවේශය ලබාදීම සම්බන්ධයෙන් ඊලෝන් මස්ක් වෙත කෘතඥතාව පළ කර තිබුණි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීමට නුදුරේදී ඊලෝන් මස්ක් හමුවීමට බලාපොරොත්තු වන බවත් එම සටහනේ සඳහන් විය. 

මෙම ඊලෝන් මස්ක්ගේ ප්‍රතිචාරය, ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය වෙනුවෙන් ජාත්‍යන්තර අවධානයක් ආකර්ෂණය කරන සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකේ. ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීම රටේ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධනයට සහ තාක්ෂණික ප්‍රවේශය වැඩිදියුණු කිරීමට හේතුවන බව බොහෝ දෙනාගේ අදහසයි.

කෙසේ වුවත්, ස්ටාර්ලින්ක් සේවාව ශ්‍රී ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊලෝන් මස්ක් සමඟ සෘජු සාකච්ඡා පැවැත්වීම එවකට විපක්ෂයේ සිටි වත්මන් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති ඇතුළු පිරිස් විසින් ‘ආර්ථික ඝාතකයන් සමීප කර ගැනීමක්’ ලෙස විවේචනය කර තිබිණි. එහෙත්, හිටපු ජනාධිපතිවරයාගේ එම උත්සාහය වත්මන් පාලනය යටතේ සාර්ථකව අනුමත වීමත් සමඟ, එවැනි විවේචන එල්ල කළ පුද්ගලයින්ගෙන් ඒ සම්බන්ධයෙන් නව ප්‍රකාශයන් හෝ විවේචන හඳුනාගත නොහැකි වී ඇත.

ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වීම රටේ ඩිජිටල් ආර්ථිකය, අධ්‍යාපනය, ව්‍යාපාරික කටයුතු සහ දුරස්ථ ප්‍රදේශවල අන්තර්ජාල ප්‍රවේශය වැඩිදියුණු කිරීමට හේතුවනු ඇතැයි බලාපොරොත්තු වේ. මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ තාක්ෂණික පරිවර්තනයේ නව පිටුවක් ලෙස සැලකිය හැකිය.

Related posts

අද සිට වෙළෙඳපොළට දෛනිකව ගෑස් සිලින්ඩර් ලක්ෂයක් – ලිට්‍රෝ සමාගම

Mohamed Dilsad

Union Berlin reach Bundesliga for first time

Mohamed Dilsad

ஜனாதிபதிக்கு எதிராக நீதிமன்றம் செல்லும் பொன்சேகா?

Mohamed Dilsad

Leave a Comment