Trending Newsඑසැන පුවත්දේශීය

මේසයට ගැසීම හැර කිසිදු වැඩපිළිවෙලක්, වත්මන් ජනාධිපතිට නැහැ – හිටපු ඇමති පාඨලී චම්පික

රාජ්‍ය සේවය ගොඩනැගීමට මේසයට ගැසීම හැර කිසිදු වැඩපිළිවෙළක් ජනාධිපති අනුර දිසානායකට නොමැති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ජුනි 31 වන විට රාජ්‍ය අංශයේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදෙන සියලු රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් 1/30න් එකක් කැපීමට තීන්දු කර ඇති බවත් මේ නිසාම රාජ්‍ය සේවය අවුල් ජාලයක් බවට පත්ව ඇති බවත් හෙතෙම අවධාරණය කරයි.

මේ ආකාරයට රාජ්‍ය සේවය සමග කටයුතු කළහොත් දෙසැම්බර් 31 වන දින වන විට ජනාධිපතිවරයා කිසිවක් කළ නොහැකි අයකු ලෙස ඉතිහාසයට එකතු වනු ඇතැයි ද පාඨලී චම්පික රණවක පෙන්වා දෙයි.

රාජ්‍ය සේවය ගොඩනැගීමට විධිමත් දැනුම සහිත දේශමාමක වැඩපිළිවෙළක් වුවමනා බවත් එය වත්මන් ආණ්ඩුවේ ග්‍රාම්‍ය වෛරී මුග්ධ කණ්ඩායමට කළ නොහැකි බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

Related posts

Pakistani Foreign Minister to visit Sri Lanka today

Mohamed Dilsad

Elephant rampage in Kahawatte injures 31

Mohamed Dilsad

சீமெந்து விற்பனையில் வீழ்ச்சி

Mohamed Dilsad

Leave a Comment