Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

පරාටේ නීතිය යළි සක්‍රීය කිරීමෙන්, ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් දැඩි පීඩාවට පත්වෙනවා. – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පරාටේ නීතිය, ජුනි 30 සිට යළි සක්‍රීය වන බවත් මෙයින් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් දැඩි පීඩාවට පත්වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (30) දිනයේදී සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. “ජුනි 30 වැනි දා එනම් අද දින මැදියම් රැයේ සිට නැවත වරක් පරාටේ නීතිය සක්‍රීය වීම සිදු වේ. මේ නිසා දැඩි පීඩනයට පත් වන්නේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් ය. පාස්කු ඉරිදා ප්‍රහාරයත්, කොරෝනා කෝවිඩ් වසංගතය සහ බංකොලොත්භාවය යන ත්‍රිත්ව ඛේදවාචකයන් නිසා සිය ව්‍යාපාර කඩා වැටුණු ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන්ට නැවත නැගී සිටිය හැකි තත්ත්වයක් නිර්මාණය කිරිම රජයේ වගකීම වේ. මැතිවරණ සමයේ බොරු පොරොන්දු ලබා දී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් හිටපු රජයත් වත්මන් රජයත් රැවටුවත් දැන්වත් මේ ව්‍යවසායකයන් ගැන සිතා මොවුන්ට මූල්‍ය සහයෝගය ලබා දි නැවත නැගී සිටීමට අවශ්‍ය පදනම ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන්ට නිසි සාධාරණයක් වන තුරු ප්‍රගතිශීලී විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා”

Related posts

NASA administrator supports Trump ‘space force’ proposal

Mohamed Dilsad

US urges President to reconvene Parliament to resolve the political crisis

Mohamed Dilsad

“Parliamentarians were traded, undermining the voter” – President [VIDEO]

Mohamed Dilsad

Leave a Comment