Trending Newsඑසැන පුවත්දේශීය

හර්ෂණ සූරියප්පෙරුමට බැරි බව, මුදල් අමාත්‍යංශයම දන්නවා – පාඨලී චම්පික

රාජ්‍ය සේවය නිර්දේශපාලනීකරණය කරන බව ප්‍රකාශ කරමින් බලයට පැමිණි ආණ්ඩුව, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයට පත්කිරීම ඉතා වැරදි පූර්වාදර්ශයක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ආචාර්ය සූරියප්පෙරුම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් මෙන්ම දැඩි ලෙස චෝදනා ලබන කොටස් වෙළඳපොළේ කටයුතු කළ අයකු බව ද මෙය හුදු දේශපාලන පත්වීමක් බව ද හෙතෙම අවධාරණය කරයි.

මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය දැරීම සඳහා කුසලතාව හෝ සුදුසුකම ආචාර්ය සූරියප්පෙරුමට නොමැති බව පසුගිය මාස කිහිපයේ දී පෙන්වා ඇති බව මුළු මුදල් අමාත්‍යංශයම දන්නා බව ද පාඨලී චම්පික රණවක ප්‍රකාශ කරයි.

මුදල් අමාත්‍යංශයේ හෝ රජ්‍ය පරිපාලන සේවයේ මුදල් අමාත්‍යංශ ලේකම් ධුරය සඳහා සුදුසු පුද්ගලයෙකු නොමැති දැයි ඔහු ප්‍රශ්න කරයි.

Related posts

මැතිවරණය සඳහා අවශ්‍ය නිවාඩු ලබානොදෙන්නන්ට එරෙහිව නඩු

Mohamed Dilsad

මාර්ග සංවර්ධන අධිකාරිය දේශීය බැංකුවලින් ගත් ණය ගෙවීමේ අර්බුදයක…!

Editor O

“More investment opportunities through FTA” – Singaporean Premier

Mohamed Dilsad

Leave a Comment