Trending Newsඑසැන පුවත්දේශීය

වගා නොකළ ඉඩම් ගැන හොයයි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා විසින් වගා නොකළ ඉඩම් හිමියන්ට දැනුම් දීමක් කර තිබේ. ඒ අනුව, සති දෙකක කාලයක් තුළ සිය වගා නොකළ ඉඩම්වල වගා කටයුතු සිදු නොකිරීමට හේතු පැහැදිලි කරන ලෙස ඔහු දැනුම් දී ඇත.

මෙම දැනුම් දීම නිකුත් කර ඇත්තේ, දිවයින පුරා අක්කර එක් ලක්ෂ විසිදහසකට (120,000) අධික වගා බිම් ප්‍රමාණයක් කිසිදු වගාවක් නොමැතිව අත්හැර දමා ඇති බවට දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති පසුබිමකයි.

මෙවැනි තත්ත්වයක් රටේ කෘෂිකාර්මික නිෂ්පාදනයට සහ ආහාර සුරක්ෂිතතාවයට සෘජුවම බලපාන බැවින්, මෙම අත්හැර දැමූ ඉඩම් නැවත වගා කටයුතු සඳහා යොදා ගැනීම රජයේ අරමුණ වී ඇත. ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසන්නේ, වගා නොකළ ඉඩම් හඳුනාගැනීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවයි.

Related posts

Piyankara Jayaratne released from bribery case

Mohamed Dilsad

லேக் ஹவுஸ் சுற்றுவட்டத்தில் கடும் வானக நெரிசல்

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පී සම්පත් තෙන්නකෝන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment