Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි යතුරුපැදි ආනයනයට අවසර

තාවකාලිකව අත්හිටුවා ඇති විද්‍යුත් යතුරු පැදි ගෙන්වීමට අදාළව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත. මේ අනුව පෙට්‍රල්වලින් ධාවනය වන යතුරු පැදිවලට අමතරව විද්‍යුත් යතුරු පැදි ආනයනය සඳහාද අවස්ථාව සලසාදී තිබේ. 2025 ජනවාරි 31 දිනැති අංක 2421/44 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම ආනයන සඳහා අවසරය ලබාදී ඇත.

මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්තය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් වාහන අමතර කොටස් ගෙන්වීමට අදාළව මෙතෙක් කාලයක් පැවැති තහනමක් රජය විසින් ඉවත් කර ඇත. මෙහිදී එච්.එස්. කාණ්ඩ හයක් යටතේ වාහන අමතර කොටස් ගෙන්වීමට අදාළව මෙහිදී අවසරය ලබාදී තිබේ.

මෙම තහනම ඉවත් කිරීම නිසා මෝටර් රථ එකලස් කිරීමේ දී පැවැති බාධා ඉවත් වන බවද රජය සඳහන් කරයි.

Related posts

Light showers expected in several areas today

Mohamed Dilsad

சூப்பர் ஸ்டார் எல்லாம் சும்மா, லேடி சூப்பர் ஸ்டார் தான் கெத்து

Mohamed Dilsad

සංස්කෘතික අරමුදලේ පැමිණිලි භාරගැනීම දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment