Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දියාවේ අනතුරට ලක්වූ යානයේ ගමන් කළ සියලු දෙනා මිය ගොස් ඇතැයි සැක කරයි.

අහ්මදාබාද් ගුවන්යානා අනතුරෙන් කිසිඳු පුද්ගලයෙකු දිවි බේරාගෙන නොමැති බව අහ්මදාබාද් පොලිස් ප්‍රධානියා උපුටා දක්වමින් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මගීන් 230ක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු රැගත් බොයිං 787 වර්ගයේ ගුවන්යානයක් අද (12) පස්වරු 1:17ට පමණ ලන්ඩන් බලා පිටත්වයෑමට අහ්මදාබාද් ගුවන්තොටුපොළින් ගමන් ආරම්භ කර සුළු මොහොතකින් අනතුරකට පත්විය.

මෙහි ඉන්දියානුවන් 169 දෙනෙකු, බ්‍රිතාන්‍ය ජාතිකයින් 59 දෙනෙකු, පෘතුගාල ජාතිකයින් 7ක් සහ කැනේඩියානු ජාතිකයෙකු ගමන් කර තිබුණි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ගොඩනැගිලි සහිත ප්‍රදේශයටක ගුවන්යානය කඩාවැටීම නිසා අනතුරෙන් මියගිය ගණන තවත් ඉහළ යනු ඇති බවය. ගුජරාට් හිටපු මහඇමති විජේ රුපානි ද මෙම ගුවන් යානයේ සිට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි. 

Related posts

காமினி உள்ளிட்ட மூவருக்கு பிணை

Mohamed Dilsad

எரிபொருள் விலைகள் இன்று நள்ளிரவு முதல் குறைவு

Mohamed Dilsad

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බන්ධනාගාර රෝහලට

Editor O

Leave a Comment