Trending Newsඑසැන පුවත්දේශීය

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී රිමාන්ඩ් : බන්ධනාගාර කොමසාරිස්ගේ වැඩ තහනම්

අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න, මේ මස 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ ඔහුව අද (09) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවුවෙක්ට, ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාව යටතේ මෙහාන් කරුණාරත්න නැමැති බන්ධනාගාර අධිකාරීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගැනුණි.

මේ අතර,  බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියගේ, වැඩතහනම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. අද (09) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වු කැබිනට් මණ්ඩලයේදී මෙම තීරණය ගෙන තිබුණි.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදුකිරීමේ අරමුණින් කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

Related posts

பல்கலைக்கழக அனுமதிக்குரிய Z வெட்டுப்புள்ளி விபரங்கள் வெளியீடு

Mohamed Dilsad

නීති උල්ලංඝනය කල පොලිස් සැරයන්ගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

Queen Elizabeth formally gives Prince Harry consent to marry Meghan Markle

Mohamed Dilsad

Leave a Comment