Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලන නියෝජිතයන්ගේ නම් ගැසට් කරන විදිය

පළාත් පාලන ඡන්ද විමසීමේදී අතිරේක ලැයිස්තුවෙන් නම් කළ යුතු සභිකයන් සංඛ්‍යාව පක්ෂ හා කණ්ඩායම් ලේඛන ලබා දෙන පිළිවෙල අනුව එම නම් ගැසට් කරන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව එම ලැයිස්තු ලැබෙන පරිදි තේරි පත්වූ සභිකයන්ගේ නම් මැතිවරණ කොමිෂන් සභාව ගැසට් කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

අතිරේක ලැයිස්තුවෙන් නම් කළ යුතු සභිකයන් සංඛ්‍යාව සහ කාන්තා නියෝජනය සිදුවිය යුතු ආකාරය කෙසේදැයි පක්ෂ ලේකම්වරුන්ට හා ස්වාධීන කණ්ඩායම් නායකයන්ට ලිඛිතව දැනුම් දී ඇති බවද  මැතිවරණ කොමසාරිස්වරයා විසින් පවසන ලදී.

මේ වන විට එම දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලින් ඊට ලැබෙන ප්‍රතිචාරය යහපත් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.

පළාත් පාලන ආයතන සභා ජුනි 2 වන දා වන විට ආරම්භ කිරීමට හැකි වන පරිදි මැතිවරණ පවත්වා තම කාර්යභාරය අවසන් කළ යුතු බව මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය.

දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව ලැයිස්තුවෙන් තේරී පත්වූ සභිකයන්ගේ නම් දින 07ක් ඇතුළත එවන්නැයි මැතිවරණ කොමිසම දැනුම් දී ඇති බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

මූලාශ්‍රය – මව්බිම

Related posts

UNP seeks explanation from Sujeewa Senasinghe, Ajith Perera for criticizing party

Mohamed Dilsad

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ග සංවර්ධනය ගැන තීරණ කිහිපයක්

Mohamed Dilsad

Defeated Expenditure Heads of Ministries to be resubmitted

Mohamed Dilsad

Leave a Comment