Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මිල වැඩියි.. කවුරුත් ගන්නේ නෑ.. ඇක්වා, ෆයරුස් වාහන ආනයනය නවතා දමයි

වාහන ඉල්ලුම බලාපොරොත්තු වූ තරමට නොවීම හේතුවෙන් මෙරටට මෝටර් රථ මාදිලි කිහිපයක ආනයනය නවත්වා ඇති බව වාර්තා වේ. මේ අතර ප්‍රධාන මාදිලි වන්නේ ටොයොටා සමාගමේ ඇක්වා සහ ප්‍රියස් මෝටර් රථයි.

නව බදු අනුපාත හේතුවෙන් මෙම වාහනවල මිල ඉතා ඉහළ යාම නිසා ආනයනකරුවෝ ඒවා ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇත. මධ්‍යම පාන්තික ජනතාවගේ වාහන ඉල්ලුම ඉහළ බදු අනුපාත හේතුවෙන් සැලකිය යුතු ලෙස පහත වැටී ඇත.

කෙසේ වුවත්, වාහන මිල ගැන වැඩි නොසලකන ධනවත් පිරිසක් සාමාන්‍ය පරිදි වාහන මිලදී ගන්නා නිසා, සුඛෝපභෝගී මෝටර් රථ ආනයනය වැඩි වශයෙන් සිදු වන බව ආනයනකරුවෝ පවසති. ආනයනකරුවෝ වැඩි අලෙවියක් ඇති වාහන ආනයනයට උනන්දු වන අතර, මධ්‍යම පාන්තිකයන් වැඩිපුර භාවිත කරන වාහන ආනයනයට එතරම් උනන්දුවක් නොදක්වති.

Related posts

பொறுமை இழந்து வரும் தமிழ் அரசியல் தலைவர்கள்

Mohamed Dilsad

அகிலவுக்கு பந்துவீச தடை

Mohamed Dilsad

‘GOT’ prequel adds five more series regulars

Mohamed Dilsad

Leave a Comment