Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ නගර සභාවේ නගරාධිපති තෝරන ඡන්දය පවත්වන දවස මෙන්න

කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම එළැඹෙන ජූනි මාසයේ 2 වැනිදා පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තාවේ. මෙම ඡන්ද විමසීම පළාත් පාලන කොමසාරිස්වරයාගේ අධීක්ෂණයෙන් පවත්වන බවද සඳහන්.

මෙවර කොළබ නගර සභාවට පුරපති ධූරය සහ නියෝජ්‍ය පුරපති ධූරයට සුදුස්සන්  මෙලෙස මෙසේ ඡන්දයකින්  තෝරා ගැනීමට සිදුව ඇත්තේ කිසිම තනි  පක්‍ෂයක් 50%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත් වීම හේතුවෙනි. පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන  ඡන්ද විමසීමේදී   සියයට 50% කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයාට  නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතී.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන්  තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 48කි. සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් එම සභාවට සභිකයෝ 69 දෙනෙක් තේරී පත් වූහ. මේ අනුව කොළඹ නගර සභාවට වැඩි සභිකයන්  සංඛ්‍යාවක් මෙවර පත්ව ඇත්තේ විපක්ෂයෙනි.

Related posts

“Sri Lanka, Egypt bilateral relations longstanding” – Minister Rishad Bathiudeen

Mohamed Dilsad

කටුනායකින් හමුවූ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Auspicious times for Sinhala and Hindu New Year

Mohamed Dilsad

Leave a Comment