Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර

පසුගිය ආණ්ඩුව සමයේ රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් කළේයැයි කියන, පොස්පේට් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණය අවසර දී තිබේ.

අධිකරණ නියෝග මත දැනට බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් බන්ධනාගාරයේදී ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගන්නා බව පොලීසිය පවසයි.තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් කොට්ඨාශය විසින්, අදාළ ගනුදෙනුවට අදාළව එහි උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු නාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පෙර ආණ්ඩුව සමයේ ලංකා පොස්පේට් සමාගම විසින් නීති විරෝධි ලෙස රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000ක් අපනයනය සඳහා සමාගම් 03ක් වෙත අළෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇතැයි සඳහන්.

Related posts

“Follow Constitution, refrain from violence,” US urges Sri Lankan parties

Mohamed Dilsad

Sala’s body flown back to Argentina for funeral

Mohamed Dilsad

බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න වත්මන් ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment