Trending Newsඑසැන පුවත්දේශීය

දළඳා වන්දනාවේ ප්‍රභූ පෝලිම් නැහැ.

“සිරි දළදා වන්දනාව” සඳහා කිසිදු අවස්ථාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන්ට විශේෂිත වූ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පවසයි. අද (17) සවස පැවති “සිරි දළදා වන්දනාව” බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම ගැන පොලීසියේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එසේ වුවත් ස්වාමින් වහන්සේලා සීමිත පිරිසකට දළදා මාළිගයට ඇතුළු වීමේදී විශේෂ අවස්ථාවක් ලබාදෙන බව ද පැවසු නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා ඔවුන්ව ද විශේෂ ආරක්ෂාවකට ලක්කරන බව පැවසීය. මේ අතර, විදෙස් තානාපතිවරු ද විශේෂ පරීක්ෂාවකට ලක්කර මහජනතාවට දළදා වන්දනාව ආරම්භ කිරීමට පෙර දළදා වහන්සේව වන්දනා කරගැනීමට අවස්ථාව ලබාදෙන බව නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

දළදා වන්දනාවේ දී 98%ක පමණ ප්‍රමුඛත්වයක් ලබාදී ඇත්තේ, බැතිමතුන්ට වන බවත් උදෑසන කිරි ආහාර පුජාව වෙනුවෙන් පැමිණෙන බැතිමතුන්ට කිසිදු අවහිරයක් නොමැතිව වන්දනාමාන සිදුකළ හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය. එසේ වුවත් ඔවුන් සියලුදෙනා දළදා මාළිගයෙන් උදෑසන 10.30 වනවිට පිටවිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.

දළදා වන්දනාව සඳහා පෝලිම් තුනක් ඇතුළු කරන අතර, පෝලිම් දෙකක් ලෙස පිටකිරීම සිදුකරන බව ද පැවසු ඒ මහතා පිරිකර රැගෙන ඒමෙන් බැතිමතුන් අපහසුතාවයට පත්විය හැකි බව ද සඳහන් කළේය.

Related posts

Indian Railways to export locomotives, train sets worth Rs. 680 crore to Sri Lanka

Mohamed Dilsad

நிட்டம்புவ பிரதேசத்தில் துப்பாக்கி பிரயோகம்..

Mohamed Dilsad

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය ගැන මහජන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment