Trending Newsඑසැන පුවත්දේශීය

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හමුවීමට, නීතීඥ උදය ගම්මන්පිළට අවසර

දින 90ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමුවීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළ ඉල්ලීමට අවසර ලබාදී තිබේ.

පිල්ලෙයාන්ගේ නීතීඥවරයා වශයෙන් උදය ගම්මන්පිල මහතා කටයුතු කිරීම හේතුවෙන් මෙසේ ඔහුට හමුවීමට අවස්ථාව ලබාදුන් බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කරන්නේ.

2006 වසරේදී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව පිල්ලෙයාන්ව 2025 අප්‍රේල් 08 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලැබූ අතර ඔහුව රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් පවතී.

Related posts

Railway trade unions Strike called off

Mohamed Dilsad

Mitsubishi Materials shares fall on fake data scandal

Mohamed Dilsad

தைப்பொங்களை முன்னிட்டு வடக்கு பாடசாலைகளுக்கு விடுமுறை

Mohamed Dilsad

Leave a Comment