Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් පාලනය ආයතන කිහිපයක නාම යෝජනාවලට අදාළව, අධිකරණ නියෝගයක්

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඉදිරිපත් කෙරුණු නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක්කරමින් මේ වන විට අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකර තිබෙන කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම කටයුතු ඉදිරියට කරගෙන යාම හෙට (03) දින තෙක් වළකින ලෙස අදාළ තේරීම් භාර නිලධාරීන් වෙත අභියාචනාධිකරණය අද (02) යළි නියෝග කළේය.

මෙම පෙත්සම් අද අභියාචනාධිකරණය හමුවේ යළි විභාගයට ගැණින. එහිදී දැනට ප්‍රතික්ෂේප කර තිබෙන නාමයෝජනා අතුරින් උප්පැන්න සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කර තිබෙන නාමයෝජනා යළි භාර ගැනීමට අධිකරණය හමුවේ එකඟතාවයක් ඇතිවුණි.

ඒ අනුව දැනට භාරගැනීමට එකඟතාවයකට පත්වී තිබෙන නාමයෝජනා හැර සෙසු නාම යෝජනාවලට අදාළ පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ඡන්ද විමසීම් කටයුතු  සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම හෙට දින තෙක් වළක්වමින් අධිකරණය තවදුරටත් නියෝගයක් නිකුත් කළේය.

ඉන් අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම අද දහවල් තෙක් කල් තිබුණි.
 
කොළඹ මහ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවකට ඉදිරිපත් කෙරුණු නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව එක්සත් ජනතා නිදහස් සන්ධානය, සර්වජන බලය, ස්වාධීන කණ්ඩායම් ඇතුළු පාර්ශ්ව විසින් මේ වන විට අභියාචනාධීකරණය හමුවේ පෙත්සම් 30කට ආසන්න සංඛ්‍යාවක් ගොනු කර තිබුණි.

Related posts

දෙදහසේ දීමනාව පවුල් ලක්ෂ පහකට ලබා දී අවසන්

Mohamed Dilsad

දෙලක්ෂයකට ඊයේ බූස්ටර් එන්නත

Mohamed Dilsad

Export To Sweden Session A Hit – says Minister Rishad

Mohamed Dilsad

Leave a Comment