Trending Newsඑසැන පුවත්දේශීය

දුරකථන මාර්ගයෙන් මැතිවරණ ප්‍රචාරණය නතර කරන ලෙස දුරකතන සේවා සමාගම්වලට මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

දුරකතන කෙටි පණිවිඩ, හඬපට මගින් මැතිවරණ ප්‍රචාර නතර කිරීමට දුරකතන සමාගම්වලට දැනුම් දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ජනතාවගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් කෙටි පණිවිඩ හඬපට යොදා දුරකතනවලට ලබා දෙන දේශපාලන ප්‍රචාර නතර කිරීමට දුරකතන සමාගම්වලට නියමයන් ලබා දෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න මහතා ප්‍රකාශ කළේය.

මේ අතර, නිහඬ කාලයේදී සමාජ මාධ්‍යයේ පළවන සබැඳීන් ඉවත් කිරීම සම්බන්ධව මෙටා, ටික්ටොක්, යූටියුබ්, ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ආයතන සමග සාකච්ඡා සිදුකරන බව ඔහු කීවේ ය.

ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී එම ආයතන සහයෝගය ලබාදුන් පරිදි පළාත් පාලන ඡන්ද විමසීමේදී ද සහයෝගය ලබා දෙනු ඇති බව හෙතෙම ප්‍රකාශ කළේ ය.

මෙරට දුරකතන සමාගම් සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ සමාජ මාධ්‍යයේ ඡන්දය ඉලක්ක කර සිදු කරන වැරැදි තොරතුරු, දුෂ්ප්‍රචාර, වෛරීය ප්‍රකාශ පාලනය කිරීම සඳහා යාන්ත්‍රණයක් සකසා ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස්වරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Related posts

ප්‍රබල පාතාල කල්ලි නායකයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Railway Employees on Strike……..

Mohamed Dilsad

புகையிலை பாவனை காரணமாக இலங்கையில் வருடாந்தம் 20 ஆயிரம் பேர் உயிரிழக்கின்றனர்

Mohamed Dilsad

Leave a Comment