Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය අකුරට වැඩ කිරීමේ සූදානමක්…?

නව වැටුප් සංශෝධන යටතේ පාර්ලිමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලයන්හි දීමනා සියයට 70 සිට සියයට 39 දක්වා අඩු කිරීමෙන් පාර්ලිමේන්තු සේවකයන් තුළ බරපතළ නොසන්සුන්තාවක් මතුව ඇතැයි ලංකාදීප වාර්තා කර තිබේ.

මෙම දීමනා කප්පාදුව හේතුවෙන් එම සේවකයන් ඉදිරි දිනවල දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වන බවද එහි දැක්වේ. පාර්ලිමේන්තු සේවකයන්ගේ දීමනා අඩු කිරීම සම්බන්ධයෙන් ඔවුන් දැනටමත් පාර්ලිමේන්තු ප්‍රධානීන්ට පැමිණිලි කර ඇති බවද පැවසේ.

අතිකාල දීමනා නොමැතිකම මෙන්ම වැටුප් විෂමතා හේතුවෙන් පසුගිය රජයන් ගණනාවක්ම පාර්ලිමේන්තු සේවකයන්ට මෙම විශේෂ දීමනා කාලයක් තිස්සේ නොකඩවාම ලබා දී තිබූ බව පැවසේ.

දීමනා කප්පාදුවට එරෙහිව ඉදිරියේදි පාර්ලිමේන්තු සේවකයින් අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමටද සූදානම් වන බව දැනගන්නට ඇත.

Related posts

அமெரிக்காவின் கலிபோர்னியா 2 வாரமாக தீயில் எரிகிறது, தீயணைப்பு முயற்சிகள் தோல்வி

Mohamed Dilsad

“If Sajith elected, new faces at UNP’s helm” – Nalin Bandara Jayamaha

Mohamed Dilsad

Afghan cricketer Shapoor Zadran attacked by unknown gunmen, escapes unhurt

Mohamed Dilsad

Leave a Comment