Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂට එරෙහි ක්‍රිෂ් නඩුව විභාග කිරීමෙන්, දෙවන විනිසුරුවරයාත් ඉවත් වෙයි.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කරන දෙවන විනිසුරුවරයාත් එම නඩු විභාගයෙන් අද (27) ඉවත් වුණි. මෙම නඩුව විභාග කළ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම නඩුවෙන් ඉවත්වන බව අද පෙරවරුවේ දැනුම් දුන්නේය. 

ඉන් අනතුරුව එම නඩුව මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. විනිසුරු සුජීව නිශ්ශංක මහතා ද සඳහන් කළේ, තමන් මෙම නඩු විභාගයෙන් ඉවත් වන බවය.  ඒ අනුව මෙම නඩුවට සුදුසු විනිසුරුවරයෙකු නම් කිරීම සඳහා එය මැයි මස 21 වන දා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවන ලෙසත් නියෝග කෙරුණි.

Related posts

Galle Road closed due to protest

Mohamed Dilsad

தற்கொலைக்கு முயன்றாரா மைக்கேல் ஜாக்சன் மகள்? இதுதான் காரணமா?

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට වසර 04ක සිර දඬුවම්

Editor O

Leave a Comment