Trending Newsඑසැන පුවත්දේශීය

නාම යෝජනා ප්‍රතික්ෂේප වීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ අතර විශේෂ සාකච්ඡාවක්

මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ මහලේකම්වරු අතර හමුවක් අද (22) පෙරවරුවේ මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ. එහිදී ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධව කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවට ලක්ව ඇත.

එහිදි මැතිවරණය සඳහා වියදම් වන මුදල් සම්බන්ධව අවධානය යොමුව ඇති අතර එහිදී එක් එක් පළාත් පාලන ආයතන තුළ පිහිටා ඇති කොට්ඨාස තුළ වියදම් කළ හැකි මුදල් පිළිබඳව විද්‍යාත්මක ක්‍රමවේදයක් තුළ වියදම් මුදල් තීරණය කිරීම පිළිබඳව සාකච්ඡාවට ලක්ව තිබේ.

එමෙන්ම මැතිවරණය සඳහා ලබා දුන් නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇති අතර එහිදී යම් යම් සුළු අඩුපාඩු හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇති නාමයෝජනා සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබේ.

ඒ සම්බන්ධව උසාවි මාර්ගයෙන් තීරණයක් ගැනීමට කටයුතු නොකර මැතිවරණ කොමිසම මැදිහත් වී එම සුළු අඩුපාඩු ඇති නාමයෝජනා පත්‍ර නිරාකරණය කර ගැනීම සඳහා ක්‍රමවේදයක් නිර්මාණය කිරීමට අවධානය යොමු කරන ලෙස දේශපාලන පක්ෂ මහලේකම්වරුන් මෙහිදී මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Related posts

“Spider-Man: Homecoming” shoots to $257 million global debut

Mohamed Dilsad

Mandla Maseko: Would-be African astronaut dies in road crash

Mohamed Dilsad

බස්නාහිර පෞද්ගලික බස්‍ රථ හිමියන්ට සහන රැසක්

Mohamed Dilsad

Leave a Comment