Trending Newsඑසැන පුවත්දේශීය

මැයි මාසයේ පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳ නිවේදනයක්

මැයි මස පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් පිළිබඳව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව එළැඹෙන පළාත් පාලන මැතිවරණය මැයි මස 06 වැනිදාට යෙදී ඇති බැවින් පාර්ලිමේන්තු රැස්වීම් මැයි 08 සහ 09 දෙදින පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාවේදී මේ බව තීරණය වී තිබේ.

එමෙන්ම මෙම දෙදිනට අදාළ පාර්ලිමේන්තු කටයුතු අප්‍රෙල් පළමු පාර්ලිමේන්තු සතිය තුළ තීරණය කිරීමට නියමිතව තිබේ. මේ අනුව අප්‍රේල් මාසයට අදාළ පාර්ලිමේන්තු රැස්වීම් මීට පෙර පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ පරිදි  අප්‍රේල් 8, 9 සහ 10 තෙදින පැවැත්වේ.

Related posts

හිර වූ තෙල් නැව් මහබැංකුව ලබා දුන් මුදල් මත එළියට

Mohamed Dilsad

Police completed 110 corruption investigations

Mohamed Dilsad

திருகோணமலை மாவட்டம்

Mohamed Dilsad

Leave a Comment