Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ට එරෙහිව පොලිස්පතිට පැමිණිල්ලක්

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතාගේ බිරිඳ විසින් පිළියන්දල පොලිසියට කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදු නොවන බවට නීතීඥ ඉමාෂා සේනාධීර මහත්මිය විසින් පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට අදාල පැමිණෙන විභාග අදාළ කටයුතු කරගෙන යෑම සඳහා දැනුම් දී ඇති බව ඇයගේ නීතීඥ ඉමාෂා සේනාධීර මහත්මිය මාධ්‍ය වෙත පැවසුවාය.

තම සේවාදායිකා වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ බිරිඳට අයත් ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් බලහත්කාරයෙන් රැගෙන ගොස් පාවිච්චි කරමින් සිටින බවට මෙම පැමිණිල්ල මගින් කියා සිටී.

තම සේවාදායිකාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට එරෙහිව හෝමාගම දිසා අධිකරණයේ දික්කසාද නඩුවක් ගොනුකර ඇති බවද ඇය පවසයි. අදාල දික්කසාද නඩුවේ සම විත්තිකාරියක් ලෙස පාර්ලිමේන්තු කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් වැඩි හඬක් නගන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්ද නම් කර ඇතැයිගේ නීතිඥවරිය මාධ්‍ය වෙත සඳහන් කළාය.

එමෙන්ම අදාළ මන්ත්‍රීවරයා බ්‍රිතාන්‍යයේ සිටින වෙනත් කාන්තාවක් හරහා තම පෙම්වතා යැයි සඳහන් කරමින් බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය හරහා වීසා ලබාගෙන මෙම සති අන්තයේ බ්‍රිතාන්‍ය බලා යාමට සියලු කටයුතු සූදානම් කර ඇති බවද නීතිඥවරිය තවදුරටත් සඳහන් කළාය.

ඒ හේතුවෙන් පොලිසිය වහා මැදිහත් වී මෙම කටයුත්තට සාධාරණයක් කරනු ඇතැයි බලාපොරාත්තු වන බවත් ඇය තව දුරටත් පැවසුවාය.

Related posts

Canadian SC sends case of deported Lankan accused in wife’s slaying back to Quebec Court

Mohamed Dilsad

Dy. Speaker Thilanga Sumathipala to commence Ph.D program at Beijing Foreign Studies University

Mohamed Dilsad

ரோஜர் பெடரர் காலிறுதிக்கு முன்னேற்றம்

Mohamed Dilsad

Leave a Comment