Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිගණක සහ ස්මාට් ජංගම දුරකථන ගන්න රජයෙන් රුපියල් ලක්ෂ 08 බැගින්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර සහ ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා මුළු ධුර කාලයටම ලක්ෂ අටක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම භාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහ බැගින් ලක්ෂ දහයක් සිය දුර කාලයේ වාර දෙකකදී ලබාදීමට කටයුතු කෙරිණ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පෙබරවාරි මස 20 වැනිදා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් අනුව මෙම මුදල ලබාදීමට අනුමැතිය ලැබී ඇත. මෙම භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු ක්ෂය වටිනාකම වාරික පදනමින් අය කර ගැනීමට කටයුතු කෙරේ.

එසේම මුදල් අය කර ගැනීමෙන් පසු එම භාණ්ඩවල අයිතිය මන්ත්‍රීවරයාට පැවරෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ දැක්වේ.

Related posts

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගිය සිව්වන කණ්ඩායම

Mohamed Dilsad

பாகிஸ்தான் முன்னாள் பிரதமர் யூசுப் ரசா வெளிநாடு செல்லத் தடை

Mohamed Dilsad

Landslide warnings to be extended if rain continues

Mohamed Dilsad

Leave a Comment