Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිගණක සහ ස්මාට් ජංගම දුරකථන ගන්න රජයෙන් රුපියල් ලක්ෂ 08 බැගින්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පරිගණක, ඡායා පිටපත් යන්ත්‍ර, ෆැක්ස් යන්ත්‍ර සහ ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා මුළු ධුර කාලයටම ලක්ෂ අටක මුදලක් ලබාදීමට රජය තීරණය කර ඇත.

මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම භාණ්ඩ මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහ බැගින් ලක්ෂ දහයක් සිය දුර කාලයේ වාර දෙකකදී ලබාදීමට කටයුතු කෙරිණ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පෙබරවාරි මස 20 වැනිදා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයක් අනුව මෙම මුදල ලබාදීමට අනුමැතිය ලැබී ඇත. මෙම භාණ්ඩ මිලදී ගැනීමෙන් පසු ක්ෂය වටිනාකම වාරික පදනමින් අය කර ගැනීමට කටයුතු කෙරේ.

එසේම මුදල් අය කර ගැනීමෙන් පසු එම භාණ්ඩවල අයිතිය මන්ත්‍රීවරයාට පැවරෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ දැක්වේ.

Related posts

Manchester City’s Sterling backed by England after gun tattoo row

Mohamed Dilsad

பாரளுமன்றம் இன்று பிற்பகல் மீண்டும் கூடுகிறது

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය ගැන මුස්ලිම් සංවිධාන කිහිපයකින් ඒකාබද්ධ නිවේදනයක්

Editor O

Leave a Comment