Trending Newsඑසැන පුවත්දේශීය

ටියුෂන් අරගෙනවත් ඝාතන රැල්ල නවත්වන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

කාගෙන් හෝ ටියුෂන් ගෙන හෝ මේ ම්ලේච්ඡ ඝාතන රැල්ල රටෙන් තුරන් කිරීමට කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලයි. විපක්ෂ නායකරයා පාර්ලිමේන්තුවේ දී රජයෙන් මෙම ඉල්ලීම කළේය.

මේ වන විට අධිකරණය තුළ සිදුවූ ඝාතන සැලසුම සකස් කළ කාන්තාව මෙන්ම පොලිස්පති ද සැඟවී සිටින අතර පොලිසියට පවා ඔහු සොයා ගත නොහැකි වි ඇති හෙයින් මුළු රටේම මහජන ආරක්ෂාව අවුල් ගොස් ඇති බවයි, විපක්ෂ නායකයා සඳහන් කළේ.

බූස්ස බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරිවරයා ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරිමත් ගම්පහ වැලිවේරියේ වෙඩි තැබීම් ගණනාවක් සිදුව ඇති බවත් අගුණුකොලපැලැස්සේ ඝාතනය කළ තරුණයකුගේ සිරුරක් හමුවී ඇති බවත් හෙතෙම ප්‍රකාශ කරයි. මීගහකිවුල, තල්දෙන, මූතුර් වැනි ප්‍රදේශවල මිනිස් ඝාතන සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කරයි.

මෙවැනි තත්ත්වයක් තුළ මහජන ආරක්ෂාව පහත වැටි ඇති බවත් රජය මෙහි වගකීම භාර ගත යුතු බවත් අද වන විට රටේ තුන්බිය රජවන විශාලා මහනුවරක් නිර්මාණය වී ඇති බවත් මහපාරේ ම්ලේච්ඡත්වය ප්‍රචණ්ඩත්වය මැරකම් කල්ලි ත්‍රස්තවාදය සමාජයම වෙළාගෙන ඇති බවත් ප්‍රේමදාස මහතා කියා සිටියි. මෙම ම්ලේච්ඡ මිනිමරු සංස්කෘතිය නතර කරන්න ජාතික වැඩපිළිවෙළක් අවශ්‍ය බැවින් ඒ සදහා විපක්ෂයේ උපරිම සහයෝගය ලබා දෙන බව ඔහු අවධාරණය කරයි.

හිටපු පොලිස්පතිව සොයාගැනීමට නොහැකි නම් නීතියේ ආධිපත්‍ය රජ කරන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් මෙම සිදුවීම් විහිලුවට ලක් නොකර විසඳුම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් පැවසීය

Related posts

Heavy traffic at Technical Junction due to protest

Mohamed Dilsad

China confirms INTERPOL Chief detained

Mohamed Dilsad

Fury batters Schwarz with second round knockout

Mohamed Dilsad

Leave a Comment