Trending Newsඑසැන පුවත්දේශීය

සෞඛ්‍ය වෘත්තීකයන් 4,300ක් වසර 05කදී රට හැර ගිහින් – පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

සෞඛ්‍ය වෘත්තිකයින් 4,300කට ආසන්න පිරිසක් 2020 වසරේ සිට මේ දක්වා කාලය තුළ රට අතහැර ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර කාවින්ද ජයවර්ධන මහතා, පාර්ලිමේන්තුවේදී අද (06) ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂයේදී අදහස් දක්වමින් කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේය. වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ දීමනා ගැටලුව සම්බන්ධයෙන් මීට වඩා සංවේදී විය යුතු බව ද, මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ වෛද්‍යවරුන් ශීඝ්‍රරයෙන් රට හැරයමින් ඇති බවයි. ඒ පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කළ යුතු බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

Related posts

Looming hurricane sparks Trump warning

Mohamed Dilsad

UNP suspends Wasantha Senanayake’s party membership

Mohamed Dilsad

Bolivian Senator declares herself President

Mohamed Dilsad

Leave a Comment